Dr.S.N.Hewage (PhD)

Dr.S.N.Hewage (PhD)

117p

128 comments posted · 513 followers · following 273

7 years ago @ http://www.gossiplanka... - ජනපති කා... · 0 replies · -1 points

මම සේවය කරන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි නොවේ. කරුකර අසත්‍ය පැවසීමෙන් පාඨකයන් නොමඟ යැවීමෙන් වළකින්න.අනික මම රජයේ ආයතනයක සේවය කරනවා වුනත් එහි සේවය කරන විවිධ දේශපාලන හේතු මත අයථා විදිහට සේවයට පැමිණි හරක් පැටවු කරන සියලුම දේවල්වලට මට වගකිව නොහැකිය.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වනාහි හරක් පැටව් දේශපාලන හිතවත්කම් මත දැනට සේවයට පැමිණිලා ඉන්න කිසිම වෘත්තීය අධ්‍යාපන සුදුසුකමක් නැති මෙලෝ හරක් නැති හරක් පැටව් ඉන්න තැනක් මම එහෙම තැනකට මගේ බල්ලාවත් යවන්නේ නැහැ.

7 years ago @ http://www.gossiplanka... - අගමැති ව... · 1 reply · +10 points

සීත කාලවලදී දකින සිහිනද, දවල් කාලයේදී දකින සිහිනද ජ්‍යෝතිෂයට අනුව කිසිදාක සපල නොවේ. සීත කාලවලදී හේන්වල "කණුමදු" වලටත් හීන පේන බව පැරැණි ගැමියෝ පවසා ඇත්තේ සීත සෘතුවට ඒ තරමටම සිහින පෙනෙන බැවිනි. එහෙයින් සීත කාලයේදී පෙනෙන සිහින වල එතරම් වැදගැම්මක්‌ ද නොමැත.වාතය, පිත හා සෙම කෝප කරවනු ලබන ආහාර ගත් විටද බොහෝ බහුබූත හීන දකින්නට ලැබෙයි. එසේ පෙනෙන හීන ද ජ්‍යෝතිෂ මතයට අනුව සපල නොවන හීනයන්ය. රා, අරක්‌කු වැනි මධ්‍යසාර වර්ග පානය කොට නිදාගන්නා අවස්‌ථාවලදී පෙනෙන හීනයන් ද "වෙරි මරගාතයට" මිස සැබෑ වන හීන නොවෙයි එමෙන්ම එම හීන ජ්‍යෝතිෂයට අනුව විග්‍රහ කිරීමක්‌ ද කළ නොහැක.

7 years ago @ http://www.gossiplanka... - අගමැති ව... · 2 replies · -5 points

මිනිසා විසින් සිතෙහි මවා ගන්නා සිහින කිසි දිනෙක සැබෑ නොවූවද රාත්‍රි කාලයේදී දකිනු ලබන සිහින බොහෝ විට සපල වෙයි. සිහින හෙවත් ස්‌වප්න ආශ්‍රයෙන් ඒවා විමසා බලා පලාපල කීම ආරම්භ වූයේ අදක ඊයේක පටන් නොව වෛදික යුගයටත් පෙර පැවති උපනිෂද් අවධියේදී පටන්ය.බෞද්ධ සාහිත්‍ය දෙස බලන විට සිහින ඇසුරෙන් පලාපල කීම බුද්ධ කාලයේදී ද පැවති ක්‍රමවේදයකි. සිදුහත් කුමරු මහාමායා දේවියගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිද්ධිය ද බමුණන් විසින් පහදා දෙන ලද්දේ මහමායා දේවිය දුටු සුදු නෙළුම් මලක්‌ හොඬෙන් ගත් සුදු ඇත් පැටවකු දේවියගේ දකුණු ඇලයෙන් කුස තුළට රිංගා ගැනීමේ සිහිනයට අනුවය. වෛද්‍ය විද්‍යාවට අනුව සිහින දැකීම උඩු සිත හා යටි සිත අතර සිදුවන ක්‍රියාවලියකි. සිහින පෙනීම කෙසේ සිදු වුවත් සැබෑ වන සිහින දැකීමට යම් යම් සංසිද්ධීන් ජ්‍යෝතිෂයට අනුව ඉතාම වැදගත් වේ.

7 years ago @ http://www.gossiplanka... - තමාගේ අන... · 1 reply · +27 points

වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිදු කරන ප්‍රකාශ යහපාලනයට සිදු කරන අපහාසයක් බව වරාය වෘත්තිය සමිති පවසයි.අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන්ට විරුද්ධව අසත්‍ය චෝදනා එල්ල කිරීම හේතුවෙන් වෘත්තිය සිමිති නායකයින් තිදෙනෙකුගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කරන බවයි.කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ලාල් බංගමුවගේ මහතා ද අදහස් පළ කර සිටියේය.ඔහු පැවසුවේ අර්ජුන රණතුංග ඇමතිවරයාට චෝදනා එල්ල කරන්නේ සාක්ෂි ඇතිව බවයි.මේ අනර වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව රුපියල් මිලියන 1000ක මුදලක් ඉල්ලා එන්තරවාසියක් ඉදිරිපත් කරන බව වරාය වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ලාල් බංගමුවගේ මහතා පවසයි.අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු කටයුත්තකට යොමුවීමට සූදානම් බව ඔහු සඳහන් කළේය.වරාය වෘත්තීය සමිති නියෝජිතයින් තිදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 500ක් ඉල්ලා එන්තරවාසි යොමු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඒ අතරතුර ප්‍රකාශ කළේය.

7 years ago @ http://www.gossiplanka... - ජනපති කා... · 6 replies · +22 points

ඇමැතිවරුන්ට, ඉහළ නිලධාරීන්ට පාවිච්චිය සඳහා 'හොඳ' වාහනයක් දිය යුතුය. එහෙත් රාජපක්ෂ පාලන සමයේ කළා සේ නාස්තිකාර ලෙස වාහන පාවිච්චි කිරීමට ඇමැතිවරු සූදානම් වන්නේ නම් එය යහපාලනයක් අපේක්ෂා කළ ජනතාවට පිටුපස හැරවීමකි. ණය උගුලක හිරවී ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින රටක මෙගා ඇමැති මණ්ඩලයක් මදිවාට ඔවුන්ට කෝටි ගණන් වාහන අලුතෙන් මිලදී ගැනීම අපරාධයකි. අලුත්ම වාහන නොමැති වුවද 'හොඳ' වාහන ඕනෑ තරම් රජය සතුය. හොඳම වාහන ටික 'අරය' යනකොට අරන් ගියා වැනි කතා කියමින් අලුත්ම වාහනවලට ජනතාවගේ බදු මුදල් හා ලෝකෙන් පොලියට ගන්නා මුදල් වැය කිරීම නොවේ.මීරියබැද්දේ නායයෑමෙන් අවතැන් වූ පවුල්වල නිවාස අවශ්‍යතාව තවමත් සම්පූර්ණ කර නැත. සාමසර කන්ද ඇතුළු ඉකුත් මාසයේ සිදුවූ නායයෑම්වලින් අවතැන්වූවන් කඳවුරුවලය.එවැනි 'ආපදා' තත්ත්වයක් රට තුළ තිබියදී ඔවුන්ට අලුතෙන්ම වාහන මිලදී ගැනීමටත් මුදල් වෙන් කිරීම ප්‍රඥා ගෝචරද? මැති ඇමැතිවරු වැඩ කළ යුත්තේ මේ පිළිබඳ සිතා බලාය. සබුද්ධික ජනතාව විමසා බැලිය යුත්තේ ඊනියා ජනතා නියෝජිතයන්ට බලය හමුවේ 'මොළය' නැතිවන්නේ කුමක් නිසාද යන්න ගැනය.

7 years ago @ http://www.gossiplanka... - Somawansa Amarasinghe\... · 2 replies · +15 points

ගරු සෝමවංශ අමරසිංහ මැතිතුමනි, මම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු හෝ එබඳු මත දරණ පුද්ගලයෙකු නොවෙමි. නමුත් අවංකව තමන්ගේ මතය නිර්භයව කොන්ද කෙලින් තබාගෙන දශක කීපයක් තිස්සේ මරණ තර්ජන මැද ගෙනයාමට තරම් ආත්මශක්තියක් පිට කොන්දක් ආත්මඅභිමානයක් ධෛර්යයක් විචක්ෂණශීලී බුද්ධිමත් නායකත්වයක් සතුව තිබූ ඔබතුමාගේ ශ්‍රී නාමයට මගේ හදවත පතුලෙන්ම මම සිරස නමා ගෞරව කරමි ජන හද දිනූ නායකතුමාණනි.අහෝ ඔබතුමා වැනි අවංක සත් පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාව තදින් දැනෙන සමයක ඔබතුමා අප සියලු දෙනා හැර දමා මෙලෙස නිවන් පුරයට වැඩම කිරීම අපගේ සිත් සතන් ශෝක වේදනාවෙන් හිරි වට්ටන්නකි. දයාබර ආදරණීය සිරි අය්යේ,ගුණ ගරුක යුග පුරුෂයාණනි ඔබතුමා වැනි අය රටට අවශ්‍යම මොහොතක මෙසේ අප හැරදා යාම අපට ඉවසිය නොහැකි දුක් වේදනාවකි. දයාබරයාණනි යළිත් අපගේ මේ මාතෘ දෙරණයට ඔබගේ සෙවණ අවැසිව ඇති මොහොතක යළිත් අප අතරටම පැමිණෙනු මැනවි. ඔබතුමාට උතුම් අජරාමර නිවන් සුව පතමි. තෙරුවන් සරණයි මැතිතුමනි !!!

7 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 8 replies · +123 points

වරක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියලා තිබුණා මෙහෙම "ඉංජෙක් ඩොකෙක් නොව මිනිසෙක් හදාපිය" කියලා. අපේ දරුවන්ට අධ්‍යාපනය දීලා හදනවා වගේම ඔවුන් පොළොවේ පය ගහලා ජීවත් වන්නවුන් කළ යුතුයි.
ඒක කරන්න පුළුවන් ගුරුවරුන් වෙන්නේ අම්මා, තාත්තා. දරුවන් නිවැරැදි කළ යුත්තේ පොලිසියවත්, හමුදාවවත් නෙවේ. දරුවන් හදන අම්මා සහ තාත්තා විසින්.
අම්මලා තාත්තලා හැටියට අපේ කාර්යයන් ඉෂ්ට කරනවා නම් මීට වඩා වෙනස් සමාජයක් පිළිබඳ අපට බලාපොරොත්තු තබන්න පුළුවන්.
එහෙම නැතිව අපි හදන්නේ තව කෙනෙක් නොතකන, අනිත් අයට වඩා මම උසස්ය කියා හිතන පිරිසක් නම් ඒක නෙවේ අධ්‍යාපනය කියන්නේ. එබඳු දේකින් අවසානයේදී බිහිවෙන්නෙ මේ තියෙන භේද අතරට තවත් උද්ධච්ච පිරිසක් බිහිවීම පමණයි. නමුත් ජීවිතවල ඊට වඩා වෙනස් අර්ථ තිබෙනවා. අම්මා තාත්තා වගේම පාසලකින්, විශ්වවිද්‍යාලයකින් ළමයින්ට හොඳ නරක වටහා දියයුතු වෙන්නේ ගුරුවරුන්.

7 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 0 replies · +21 points

අපි අපේ දරුවන්ට ඉගැන්විය යුතු වෙන්නේ ආර්ථික විද්‍යාව, භූගෝලය, සිංහල ආදී විෂයයන් විතරක් නෙවේ. හොඳ ගුණධර්ම, මනා ඇවැතුම් පැවැතුම් ආදී සියල්ලම අපේ විෂය මාලාවන් සඳහා ඇතුළත් විය යුතුයි. අනිත් දේ තමයි ඉගැන්වීමේදී ලබන අධ්‍යාපන රටාවේදී රැකියා මට්ටම්වල වර්ග භේද සෙවිය යුතු නැහැ.
අපි හිතමු ළමයින් හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා ලබන අධ්‍යාපන මට්ටම් අනුව එක්කෙනෙක් බස් රියැදුරෙක්, දුම්රිය රියැදුරෙක්, නැව් කප්පිත්තෙක් සහ ගුවන් යානා නියමුවෙක් වෙනවා. අපි සමාජ ආකල්පයන් ඇති කරලා තිබෙනවා මේ රැකියාවට වඩා මේ රැකියාව උසස්. මේ රැකියාව වැදගත් කියලා. විවාහ වෙළෙඳපොළේ මේ හතර දෙනාටම තියෙන ඉල්ලුම වෙනස්. නමුත් හතර දෙනාම රියැදුරන්. ඒවා තමයි අපේ සමාජ ආකල්ප කියන්නේ. ළමයින්ගේ ඔළුත් මේ ආකල්පවලින් පිරෙනවා.

7 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 0 replies · +30 points

අපි අධ්‍යාපනය ලබනවා, උසස් අධ්‍යාපනය හදාරනවා, අවසානයේදී අධ්‍යාපනයේ පරමාර්ථය වෙන්න ඕන උසස් මිනිසෙක්, උසස් ගැහැනියක් බිහිකිරීම. තනතුරු දරන සහ ලේබල් ඇලවිච්ච කෙනෙක් වෙන එක නෙවේ. තමා ලෝකය විසින්ද ලෝකය තමාගෙන්ද වෙන්කරන්න බැහැ කියන ආදරණීය චින්තාව අපට ඇතිවිය යුතුයි.
දරුවන්ට ඉගෙනීමට අධ්‍යාපනය දිය යුතුයි. නමුත් එය දිය යුතු වෙන්නේ අර මොළේ පැත්තක් විතරක් නෙමේ. මැක්සිම් ගෝර්කි කියනවා සම්පූර්ණ මිනිහෙක් බිහිවෙන්න නම් හදවතේ ගීතයයි, මොළයේ ගීතයයි සම විය යුතුයි කියලා. උගත්කම සහ ගුණවත්කම එකම රේඛාවක ගමන් කළ යුතු දෙයක්.

7 years ago @ http://www.gossiplanka... - le,sf*dakshd iri&uacut... · 1 reply · +14 points

සංස්‌කෘතිය හා සාරධර්ම සුරැකීමට නම් සියලු මානව වර්ගයා තුළම තම සංස්‌කෘතිය පිළිබඳ හැඟීමක්‌ මෙන්ම අන්‍ය සංස්‌කෘතීන්වල හර පද්ධති පිළිබඳ අවබෝධයක්‌ ලබා දෙමින් මේවා මානව පැවැත්මට උපකාරී වී ඇති ආකාරය පිළිබඳ පාසල් අධ්‍යාපනය තුළින් සිතට, ගතට, හදට, සම්ප්‍රේක්‌ෂණය නොකළ හොත් සංස්‌කෘතිය හා සාරධර්ම ආරක්‌ෂා කර ගැනීමට දරන ප්‍රයත්නය "මකුළු දැලකින් සුළං හැමීම පාලනය කිරීමට ගන්නා නිරර්ථක ක්‍රියාවක්‌ වැනි විය හැකිය. සංස්‌කෘතිය හා සාරධර්ම ගිලිහුණු රටක හෝ සමාජයක පරිහානිය වේගවත් ය. ආධ්‍යාත්මික සංවර්ධනයෙන් තොර භෞතික සංවර්ධනය සැබෑ සංවර්ධනයක්‌ ලෙස මිණුම් දඬු සකස්‌ කළ යුගය අවසන්ය.